විශේෂ දැනුම් දීම October 24, 2011
2011 නොවැම්බර් 10 ප.ව. 2.30 ට (ඉල්පුර පොහෝ දින) සුදු නෙළුම්, රතු නෙළුම්, සුදු ඕලු, රතු ඕලු, මානෙල් මල් සහ පිච්ච මල්පූජාවක් – සුවඳ සහ විලවුන් වර්ග පූජාවක් මෙත්මුනි විහාරයේදී
මෙත් බෝසතුන් ගෞතම මුනි සසුන තුළ අවසන් වරට නියත විවරණ ලැබීම සිහිපත් කරමින් නෙළුම් මල් ඇතුළු ඉහත සඳහන් සියලුම මල් වර්ග සහ සුවඳ විලවුන් වර්ග පූජාවක් පවත්වා ප්‍රාර්ථනා මෙත් පහන් දල්වා ලොව සිදු වන අපරාධ, ස්වාභාවික දේශගුණික විපත්, රිය අනතුරු වලින් සිදුවන ජීවිත හානි වලක්වා දෙන ලෙස නාථ දෙවියන්ට කරන ආයාචනය සහ මෙත්සරණිය අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාව.
නෙළුම් මල් ඇතුළු සියලුම මල් වර්ගද සුවඳ විලවුන් වර්ගද ඇතුළු පූජා ද්‍රව්‍ය රැගෙන නොවැම්බර් 10 දා ප.ව. 2.30 ට පෙර වරකාපොල මෙත්මුනි විහාරයට පැමිණෙන්න. (මහානුභාව සම්පන්න මෙත් බෝසත් පිළිරුව මෙදින මෙත් මැදුර තුළින් පිටතට වැඩමවා ජනතාවට ආශිර්වාද කෙරේ.)
- විහාරාධිපති නාහිමි -
..
ඔබේ අදහස්