වස් එළඹීමේ පිංකම July 4, 2011 අදහස් නැත

අන්ධකාරයෙන් ආලෝකයට – අසහනයෙන් සහනයට

පිය නඟන, මඟ හෙළි කරන – සිව් මසක අසිරිමත් පුණ්‍ය සමය….

වරකාපොල, මෙත්මුනි වෙහෙර පුද බිමේදී

2011 ජූලි මස 14 දින පස්වරු 4 ට ආරම්භ කෙරේ….

මෙත්මුනි විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේ මෙදින වස් එළැඹෙති.

පින්කම් සමයේ මුල් දායකත්වය

පානදුර ශ්‍රී මේධානන්ද මාවතේ, අංක 59/13 නිවසේ පදිංචි,

  • ඩබ්ලිව් රත්නසිරි ප්‍රනාන්දු මහතා
  • ඩබ්ලිව් හේමවතී සොයිසා මහත්මිය
  • ඩබ්ලිව් රන්දික නිරෝෂ ප්‍රනාන්දු මහතා
  • ෂානිකා නයෝමී මහත්මිය
  • ඩබ්ලිව් නෙතක තෙදස් ප්‍රනාන්දු කුමරු
  • ඩිමල් හේමන්ත මහතා
  • චන්ද්‍රිකා රණතුංග මහත්මිය
  • තිමිර නුවන්තික කුමරු
  • දිනෙල් තිරසරා කුමරි
  • රොෂාන් කුමාර සොයිසා මහතා
  • දීප්ති මේනකා මහත්මිය
  • මිහිරි මධුවන්ති කුමරි
  • සශිකා ඉවන්ති කුමරි

ඇතුළු මෙත්මුනි විහාරස්ථ සියලු දායක පිරිස….

පුණ්‍ය සමය පෙළ ගැස්ම

  • දිනපතා බුද්ධ උපස්ථානය, වතාවත් කිරීම, බෝධි පූජා
  • සෑම සෙනසුරාදා දිනකම පෙ.ව්. 6.30 සිට අටමුනි පූජා වන්දනා හා නාථ දේව පූජාව
  • සෑම බුද දිනකම පස්වරු 7 ට විශේෂ නාථ දේව පූජාව
  • පුර පසළොස්වක පෝ දිනකම සීල – භාවනා – ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, අටවිසි බුද්ධ පූජා
  • ගුණ සමරු ප්‍රාප්ති දානමය පින්කම්
  • සීවලී පිරිත දහස් වරකට අධිකව සජ්ඣායනා කිරීම

සසර දිනුමට කරන මහ පින්කම

2011 නොවැම්බර් මස 5-6 දෙදින සිදු කිරීමට නියමිතය.

සමාරාධනා

මෙත්මුනි වෙහෙර සිට – මෙත් බෝසතුන් මුල් කොට

සැම දුක දුරු කොට – නිති සැප නිති ලැබුමට

අප හා එක්වන්න – සෙනෙහසින්

කෙරෙන ඇරයුමයි – මෙත් සිතින්

  • ඩබ්ලිව් රත්නසිරි ප්‍රනාන්දු මහතා
  • ඩබ්ලිව් හේමවතී සොයිසා මහත්මිය
  • විහාරස්ථ දායක මණ්ඩලය
  • ධර්ම ශක්ති කුලඟන සමිතිය

 

වාර්ෂික අලුත් සහල් පූජෝත්සවය April 7, 2011 අදහස් නැත

2011අප්‍රියෙල් මස 10 වැනි දින පෙ..6.00 වරකාපොල මෙත්මුනි විහාරයේදී

විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය

නින්දානේ චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ

අනුශාසනා පරිදි එකොළොස්වන වරටත් පැවැත්වේ.

පූර්ව සූදානම

සිද්ධ සූනියම් ගම්භාර විශේෂ දේව පූජාව

2011 අප්‍රියෙල් මස 09 වැනි දින ප..7.30

යක්කල – බෝගමුව මොරන්නවත්ත දේවාලයේ අධිපති රංජිත් විජේසිංහ මැතිතුමාගේ

මෙහෙයවීමෙන් පැවැත්වේ.

දෙදින කාල රාමුව

2011-04-09

..6.30ට බෝධි පූජාව.

..7.30ට සිද්ධ සූනියම් ගම්භාර විශේෂ දේව පූජාව.

කිරි ඉතිරීම සෙත් පිරිත් සජ්ඣායනය.

2011-04-10

පෙ..4.30ට චාරිත්‍රානුකූලව අලුත් සහල් වලින් කිරිපිඬු පිසීම.

පෙ..6.00ට අටමුනිවරයන් වහන්සේලාට කිරිපිඬු සහිත බුද්ධ පූජා පැවැත්වීම.

පෙ..6.30ට විශේෂ මෛත්‍රී බෝධිසත්ව නාථ දේව පූජාව.

පෙ..7.00ට මහසඟරුවන විෂයෙහි දන් පිරිනැමීම.

පෙ..7.45ට පුණ්‍යානුමෝදනාව.

ඉසුරුබර අනාගතයක් සඳහා උදාවන වසරට ආසිරි ගෙනෙන අසිරිමත් පින්කමට එක්වන්න. දායක වන්න.ආසිරි ලබන්න.

අලුත් සහල්, වී හා පූජා ද්‍රව්‍ය මෙත්මුනි විහාරයට භාර දෙන්න.

තෙරුවන් සරණයි. මෙත් බෝසත් පිහිටයි.

මෙත්මුනි විහාර බස්නායක නිලමේ මුළු දිවයිනටම සාම විනිසුරු රන්ජිත් දියාලගොඩ මහතා, දායක සභාව,

ධර්ම ශක්ති කුළඟන සමිතිය.

 

2011 ඔබ දිවියට සුව, සෙත, සැනසුම උදාවේවා! January 28, 2011 අදහස් නැත

ලෝකනාථ ආයර්‍ය මෛත්‍රෙය මහා බෝධිසත්ත්ව අභිෂේක මංගල පූජෝත්සවය

(දොළොස්වන වරටත්)

2011 ජනවාරි මස 31 පස්වරු 3.30ට මෙත්මුනි විහාරයේදී

අසිරිමත් මෙත් බෝසත් ආසිරි රිය පෙරහර

ජනවාරි මස 30

පෙරවරු 7.30 වරකාපොල මෙත්මුනි වෙහෙරින් පිටත්ව කුරුණෑගල – ගලගෙදර හරහා මහනුවර ශ්‍රී නාථ දේවාලයට පස්වරු 5.30ට පැමිණීම. එහිදී අධ්‍යාත්ම සුව සහන ප්‍රාර්ථනා භාවනා වැඩ සටහන.

ජනවාරි මස 31

පෙරවරු 6.45 මෙත් බෝසත් රිය පෙරහර ශ්‍රී නාථ දේවාලයෙන් පිටත්ව කොළඹ – නුවර පාර ඔස්සේ මෙත්මුනි විහාරයට පස්වරු 3.00ට පැමිණීම.

* පස්වරු 3.30ට අභිෂේක මංගල පූජෝත්සවය හා සදහම් හමුව.

* ශ්‍රී ලංකා අමරපුර මහා නිකායයේ උත්තරීතර මහානායක ධූරන්ධර අතිගෞරවාර්භ, අග්ගමහාපණ්ඩිත දවුල්දෙන ශ්‍රී ඤාණීස්සර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුලසුන හොබවති.

ගිහි – පැවිදි ප්‍රභූ විශාල පිරිසක් සහභාගිවන රිය පෙරහරට හා අභිෂේක මංගලෝත්සවයට සහභාගිවන ලෙස ගෞරවයෙන් ආරාධනය කරමු.

මහාචාර්‍ය චන්දිම විජේබණ්ඩාර            නින්දානේ චන්දවිමල නාහිමි

(ලේකම් – සමස්ත ලංකා මෙත්මුනි සමාජය)     (මෙත්මුනි විහාරාධිපති)

මුළු දිවයිනටම සාමවිනිසුරු රංජිත් දියාලගොඩ (මෙත්මුනි විහාර බස්නායක නිලමේ)

පෙරහරට – අභිසෙස් උළෙලට දායක විය හැකි අවස්ථා

වාහන යෙදවීමෙන් – දන් පැන් දීමෙන්

වියදම් පියවීමෙන් – ශ්‍රමය සැපයීමෙන්

දෙපස මඟ සැරසීමෙන් – තුති ගී ගැයීමෙන්

සහයෝගය දීමෙන් – ප්‍රචාරය කිරීමෙන්

දායක විය හැක ඔබටත් මෙත් සිතින්

නැතත් ඒ කිසිවක්

සුදුවතින් සැරසී පැමිණ සහභාගී වන මෙන්

ගෞරවයෙන් – සාදරයෙන්

ළබැඳියාවෙන් – සෙනහසින්

කෙරෙන ඇරයුමයි.

මෙත්මුනි වෙහෙර අධිපති නාහිමි.

මෙත්මුනි විහාරය,

මෙත්මුනිගම, වරකාපොල.

2011 වසර

දුකින් තොර වී -සැපෙන් බර වී

ගුණෙන් ඔප වී – රුපුන් නැති වී

දනෙන් වැඩිවී – නැණෙන් යුතු වී

ඔබේ දිවි මඟ – සරු කෙරේවා!

නිතින් මේ ලෙස – වාසනාවේ

රුවන් දොරගුළු – සැම ඇරේවා!!!

පැතුම,

මෙත්මුනි විහාරාධිපති

නින්දානේ චන්දවිමල නාහිමි



සම්බුද්ධ වන්දනා ආසිරි රිය පෙරහර January 26, 2011 අදහස් නැත

වරකාපොල – මෙත්මුනි විහාරයේ  සම්බුද්ධ වන්දනා ආසිරි රිය පෙරහර හා මෛත්‍රෙය බෝධිසත්ත්ව අභිෂේක මංගල පූජෝත්සවය

12 වැනි වරටත්  2011 ජනවාරි මස 30-31 දෙදින

අරමුණ:

. රටට සමෘද්ධිය – සමානාත්මතාව – සුව සෙත ශාන්තිය.

. ග්‍රහ අපල රෝග දුක් බිය දුරලීම.

. දායක වන සහභාගී වන සැමගේ යහපත් පැතුම් ඉටුකර ගැනීම.

. ත්‍රෛකාලික බුද්ධ වන්දනාව හා මෙත් බෝසත් සුරිඳුට ගෞරව දැක්වීම.

සංවිධානය හා මෙහෙයවීම.

සමස්ත ලංකා මෙත්මුනි සමාජය.

මෙත් බෝසත් ආසිරි පූජා කමිටුව.

අනුශාසනය හා මඟ පෙන්වීම

වරකාපොල මෙත්මුනි විහාරාධිපති, ශ්‍රී චන්දමුනි වංශාවතංස, මෛත්‍රී ජින නන්දන දර්ශන ශාස්ත්‍රී, ශාස්ත්‍රපති, පූජ්‍ය නින්දානේ චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

කාලරාමුව හා පෙරහර පිළිගන්නා ස්ථානය

2011 ජනවාරි මස 30

පෙ.ව 6.00 ත්‍රෛකාලික බුද්ධවන්දනාව – කිරිපිඬු පූජාව

7.00 බෝසත් පිළිරුව විශේෂ රිය තුළ තැන්පත් කිරීම

7.30 මෙත්මුනි විහාරයෙන් ගමන් ඇරඹීම.

8.00 තුල්හිරිය නිවාස සංකීර්ණය අසල හැපී කිඩ්ස් පෙර පාසල සිඟිති දරුවන්ගේ උපහාරය.

. උදය ආහාරය පිරිනැමීම:- හැපී කිඩ්ස් පෙර පාසල් ප්‍රධාන පාලිකා රමණී නිශ්ශංක මහත්මිය ඇතුළු ගුරු දෙගුරු පින්වත් පිරිස.

9.30 පොල්ගහවෙල විජයනන්ද පිරිවෙන පූජ්‍ය ගිරාඹේ සෝරත ස්වාමීන් වහන්සේ ඇතුළු දායක පිරිස.

10.00 පොල්ගහවෙල අලව්ව මං සන්ධිය අසල  පූජ්‍ය මාරුක්අතුරේ සෝරත ස්වාමීන් වහන්සේ ඇතුළු දායක පිරිස.

11.15 කුරුණෑගල ජයසුන්දර මාවතේ දහම් මැදුර.

. දහවල් දානය පිරිනැමීම: දහම් මැදුර අධිපති පූජ්‍ය ස්වර්ණ දසසිල් මාතාව ඇතුළු දායක පිරිස.

ප.ව.1.30 කුරුණෑගල කච්චේරිය පාරේ භාවනා මධ්‍යස්ථානය. පූජ්‍ය සුගුණ දසසිල් මාතාව ඇතුළු දායක පිරිස.

2.45 වෑ උඩ විද්‍යාතිලක පිරිවෙන. පූජ්‍ය උඩුවේ නන්දසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු දායක පිරිස.

3.30 කුඹුරේගම අරඹ කඩේ විශ්ව ටයර් හවුස් ආයතනය අසලදී.

4.00 අලදෙනිය වැරැල්ලගම පුරාණ බෝධිමලු විහාරයට හැරෙන මංසන්ධියේදී, පූජ්‍ය දොළොස්බාගේ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු දායක පිරිස.

4.30 තිත්තපජ්ජල සුදර්ශනාරාමය අසල පූජ්‍ය කුළුගම්මන නාලක ස්වාමීන්වහන්සේ ඇතුළු දායක පිරිස.

5.45 මහනුවර ශ්‍රී නාථ දේවාලයට පැමිණීම.

අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ශ්‍රී නාථ දේවාල විහාරාධිපති පූජ්‍ය ගොමගොඩ රතනසාර නාහිමි, ශ්‍රී නාථ දේවාල බස්නායක නිලමේ තැන්පත් ආනන්ද හීන්කෙන්ද  මැතිතුමා විසින් නාථ දේව ප්‍රතිමාව පිළිගෙන ශ්‍රී නාථ දේවාලයේ තැන්පත් කිරීම.

6.00 සිරි දළදා නැමදීම.

7.00 ප්‍රාර්ථනා මෙත් පහන් දැල්වීම, අධිෂ්ඨාන සත්‍ය ක්‍රියා භාවනාව, සදහම් හමුව.

8.30 මහනුවර ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය වෙත පැමිණ නවාතැන් ගානීම.

. පෙරහරට සම්බන්ධ සියලු දෙනාට රාත්‍රී ආහාරය පිරිනැමීම, තෝලංගමුව එල් ජී චන්ද්‍රලාල් මැතිතුමා.

ජනවාරි මස 31

පෙ.ව 5.30 සිරි දළදා සමිඳු නැමදීම.

6.00 කිරි පිඬු පූජා පැවැත්වීම.

6.30 මෙත් බෝසත් පිළිරුව රිය තුළ තැන්පත් කිරීම.

6.45 නාථ දේවාලයේ සිට කොළඹ නුවර පාරේ ගමන් ආරම්භ කිරීම.

8.00 කිරිබත්කුඹුර ඵලදාව විහාරය.

. මහ සඟරුවන සහිත පෙරහරේ ගමන් ගන්නා පිරිසට උදය දන් පිරිනැමීම.

පූජ්‍ය කිරිබත්කුඹුරේ සීවලී නාහිමි ඇතුළු විහාරස්ථ දායක පිරිස.

9.00 ඵලදාව විහාරයෙන් ගමන් ආරම්භ කිරීම.

9.30 කඩුගන්නාව නගර සභා ක්‍රීඩාංගනයේදී ඉල්ලදොර පුරාණ විහාරාධිපති පූජ්‍ය කසාගල ශ්‍රී ධම්මරක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන දායක පිරිස.

10.15 මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙනේදී පූජ්‍ය මාදිලියේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු දායක පිරිස.

11.15  යට්ටෝගොඩ උපාලි සිල්වා මැතිතුමාගේ නිවසේදී.

. මහසඟරුවනට දන් පිරිනැමීම:-

උපාලි සිල්වා මැතිතුමා සහ මැතිණිය

. ගිහි පිරිසට දිවා ආහාරය

තෝලංගමුව පින්වත් දායක පිරිස.

ප.ව.1.00 උපාලි සිල්වා මැතිතුමාගේ නිවසින් ගමන් ඇරඹීම.

1.30 උඩුකුඹුර ලී බඩු සාප්පුව අසලදී එන් ජී ගුණපාල නිශ්ශංක මැතිතුමා ඇතුළු පිරිස.

2.00 මාහේන ජිනදාස තලගුලි කර්මාන්තායතනය අසලදී ජී ආර් කරුණාවතී මැතිණිය ඇතුළු පිරිස.

2.30 වරකාපොල ප්‍රාදේශීය සභාව අසලදී,  ගරු සභාපති කීර්තිසිරි විජේතුංග මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්.

2.45 වරකාපොල පිලාඬුව විද්‍යා ප්‍රකාශ පිරිවෙනේදී, පරිවේණාධිපති පූජ්‍ය හකුරුගම්මන අනෝමදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු දායක පිරිස.

3.15 රිය පෙරහර මෙත්මුනි විහාරයට පැමිණීම.

3.30 සභා ගර්භය තුළ මෙත් බෝසත් පිළිරුව තැන්පත් කිරීම හා සදහම් හමුව.

. මුලසුන

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායයේ උත්තරීතර මහානායකධුරන්ධර අති ගෞරවාර්භ අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ශ්‍රී ඤාණීස්සර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

. අනුශාසනය

මොරටුවේ රාවතාවත්තේ භාවනා මූලස්ථානාධිපති සද්ධර්ම වාගීශ්වර කම්මට්ඨානාචායර්‍ය පූජ්‍ය දොඩම්ගොඩ අස්සජී අමරපුර නිකායයේ අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

. විශේෂ දේශනය

සිංගප්පූරුව පාලි බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්‍ය චන්දිම විජේබණ්ඩාර මැතිතුමා.

ප.ව 4.30 නානුමුර මංගල්‍යය.

5.00 මෙත් බෝසත් ආසිරි පූජා ප්‍රාර්ථනා පහන් දැල්වීම.

6.00 පුණ්‍යානුමෝදනාව හා ප්‍රතිමාව මෙත්මුනි වෙහෙර නාථ දේව මන්දිරය තුළ තැන්පත් කිරීම.

සැලකිය යුතුය:-

* ගිහි පින්වතුන් සියලූම දෙනා සුදුවතින් සැරසී පැමිණෙන්න.

* පෙරහරේ ගමන් ගන්නා පිරිස ආහාර ගැනීමට අවශ්‍ය පිඟානක් කෝප්පයක් රැගෙන එන්න. ( මෙම කාලරාමුව ඇතැම් විට සුළු වෙනස්වීම් වලටද ඉඩ ඇත.)

සිතුම් පැතුම් සඵල වීමට මෙත් බෝසත් පිහිට ලැබුමට සැමට සමාරාධනා…….

මෙයට

මෙත්මුනි වෙහෙර ශ්‍රී නාථ දේවාල බස්නායක නිලමේ මුළු දිවයිනටම සාමවිනිසුරුඩ රංජිත් දියාලගොඩ ඇතුළු මෙත් බෝසත් ආසිරි කමිටුව.

2011 – ජනවාරි – 01

මෙත්මුනි විහාරය, වරකාපොල.

සියලුම විමසීම්:-

0714400906/0352268250

වස් පින්කම July 1, 2010 අදහස් නැත

වරකාපොල මෙත්මුනි වෙහර පුද බිමේදී සැමට සිරි සෙත සදන
සිව් මසක අසිරිමත් පුණ්‍ය සමය
2010 ජූලි මස 25 වැනිදා පස්වරු 4.00 ට ආරම්භ කෙරේ.

විහාරාධිපති ශාස්ත්‍රපති
නින්දානේ චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ
ප්‍රධාන මහා සංඝයා වහන්සේ මෙදින වස් එළඹෙති.

මෙවර වස් පින්කම් සමයේ මුල් දායකත්වය
පානදුර ගාළු පාරේ අංක 316A, නිවසේ පදිංචි
සුජාතා ද මැල් මහත්මිය සරෝජා ද මැල් මහත්මිය, තිසුම් ද මැල් මහත්මිය, ජනත් දීරසූරිය මහතා, සජීව පීරිස් මහතා ප්‍රධාන මෙත්මුනි විහාරස්ථ සතර පේරුවේ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් වස් ආරාධනය හා පින්කම් සිදු කෙරේ.

පින්කම් සමය වර්ණවත් වන අයුරු
දිනපතා බුද්ධ උපස්ථානය හා වතාවත් කිරීම.
සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 6.30 ට ත්‍රෛකාලීන බුද්ධ වන්දනා ආර්‍ය මෛත්‍රය බෝධිසත්ව පූජා.
සෑම බුද දිනකම පෙ.ව. 7.00 ට විශේෂ මෙත් බෝසත් පූජා.
සෑම පුර පසලොස්වක පෝ දිනකම සීල භාවනා පිළිවෙත් පූජා.
විශේෂ ධර්ම දේශනා – ධර්ම සාකච්ඡා – අටවිසි බුද්ධ පූජා
විශේෂ දාන – සීල – භාවනා වැඩ සටහන්
ගුණ සමරු පින්කම්
නවගුණ පාඨය හා සබ්බ පාපස්ස අකරණං ගාථාව ලක්ෂ වාරයක් සජ්ක්ධායනා කිරීම.

සසර දිනුමට කරන මහා පින්කම
2010 නොවැම්බර් මස 13 – 14 වැනිදා සිදු කෙරුමට නියමිතය.

-ආරධනා -

දුක දුරු කොට – නිතිසැප ලැබුමට
අප හා එක් වන්න සසර දිනුමට
පින්කම් සමයේ ඇරඹෙන පින් පෙරහැරට එක්වීමට ඔබ සැමට සෙනෙහසින් කෙරෙන ආරාධනා.

සුජාතා ද මැල්
විහාරස්ථ දායක මණ්ඩලය සහ ධර්ම ශක්තිකුලඟන සමිතිය
මෙත්මුනි විහාරය, වරකාපොළ.

ටෙලි;- 035-2268250, 071-4400906.

සම්බුද්ධ වන්දනා ආසිරි රිය පෙරහැර හා මෛත්‍රෙය බෝධිසත්ත්ව අභිෂේක මංගල පූජෝත්සවය January 30, 2010 අදහස් නැත

11 වැනි වරටත් ජනවාරි මස 30-31 දෙදින

අරමුණු

  • රටට සමෘද්ධිය – සමානාත්මතාව – සුවසෙත ශාන්තිය
  • ග්‍රහ අපල රෝ දුක් බිය දුරලීම
  • දායක වන – සහභාගී වන සැමගේ යහපත් පැතුම් ඉටු කර ගැනීම
  • ත්‍රෛකාලික බුද්ධ වන්දනාව හා මෙත් බෝසත් සුරිඳුට ගෞරව දැක්වීම

සංවිධානය හා මෙහෙයවීම

  • සමස්ත ලංකා මෙත්මුනි සමාජය
  • මෙත් බෝසත් ආසිරි පූජා කමිටුව

අනුශාසනය හා මඟ පෙන්වීම

වරකාපොල මෙත්මුනි විහාරාධිපති, ශ්‍රී චන්දමුනි වංශාවතංස, මෛත්‍රී ජින නන්දන දර්ශන ශාස්ත්‍රී, ශාස්ත්‍රපති, පූජ්‍ය නින්දානේ චන්ද විමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

කාල රාමුව හා පෙරහර පිළිගන්නා ස්ථාන

2010 ජනවාරි මස 30:

  • 06:00 ත්‍රෛකාලික බුද්ධ වන්දනාව, කිරි පිඬු පූජාව
  • 07:00 බෝසත් පිළිරුව විශේෂ රිය තුළ තැන්පත් කිරීම
  • 07:30 මෙත්මුනි විහාරයෙන් ගමන් ඇරඹීම
  • 08:00 තුල්හිරිය නිවාස සංකීරණය අසල හැපී කිඩ්ස් පෙර පාසල සිඟිති දරුවන්ගේ උපහාරය
  • 09:30 පොල්ගහවෙල විජයනන්ද පිරිවෙන
  • 10:00 පොල්ගහවෙල අල්ව්ව මංසන්ධිය අසල
  • 11:15 කුරුණෑගල ජයසුන්දර මාවතේ දහම් මැදුර
  • 13.00 දහම් මැදුරින් ගමන් ආරම්භ කිරීම
  • 13.30 කුරුණෑගල කච්චේරිය පාරේ භාවනා මධ්‍යස්ථානය
  • 14.15 මාවතගම සාමෝදය නිවාස අසලදී
  • 15.00 වෑ උඩ විද්‍යාතිලක පිරිවෙන
  • 15.30 කුඹුරේගම අරඹ කඩේ විශ්ව ටයර් හවුස් ආයතනය
  • 16.00 අලදෙනිය වැරැල්ලගම
  • 16.30 තිත්තපජ්ජල සුදර්ශනාරාමය අසල
  • 17.45 මහනුවර ශ්‍රී නාථ දේවාලයට පැමිණීම
  • 18.00 සිරි දළදා සමිඳු නැමදීම
  • 19.00 ප්‍රාර්ථනා මෛත්‍රී පහන් දැල්වීම, අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාව, භාවනාව මෙත් බෝසත් දහම් හමුව
  • 20.30 මහනුවර ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය වෙත පැමිණ නවාතැන් ගැනීම

2010 ජනවාරි මස 31

  • 05:30 සිරි දළදා සමිඳු නැමදීම
  • 06:00 කිරි පිඬු පූජා පැවැත්වීම
  • 06:30 මෙත් බෝසත් පිළිරුව රියතුළ තැන්පත් කිරීම
  • 06:45 නාථ දේවාලයේ සිට කොළඹ නුවර පාරේ ගමන් ආරම්භ කිරීම
  • 08:00 කිරිබත්කුඹුර ඵලදාව විහාරය
  • 09:00 ඵලදාව විහාරයෙන් ගමන් ආරම්භ කිරීම
  • 09:30 කඩුගන්නාව නගර සභා ක්‍රීඩාංගනයේදී
  • 10:15 මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙනේදී
  • 11:15 යට්ටෝගොඩ උපාලි සිල්වා මැතිතුමාගේ නිවසේදී
  • 13:00 උපාලි සිල්වා මැතිතුමාගේ නිවසින් ගමන් ආරම්භ කිරීම
  • 14:00 මාහේන ජිනදාස තලගුලි කර්මාන්තයතනය අසලදී
  • 14:30 වරකාපොල ප්‍රාදේශීය සභාව අසලදී, ගරු සභාපති කීර්තිසිරි විජේතුංග මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් විසින් උපහාර දැක්වීම
  • 14:45 වරකාපොල පිලාඬුව විද්‍යා ප්‍රකාශ පිරිවෙනේදී
  • 15:15 රිය පෙරහැර මෙත්මුනි විහාරයට පැමිණීම
  • 15:30 සභා ගර්භය තුළ මෙත් බෝසත් පිළිරුව තැන්පත් කිරීම හා සදහම් හමුව
  • 16:30 නානුමුර මංගල පූජෝත්සවය
  • 17:00 මෙත් බෝසත් ආසිරි පූජා හා ප්‍රාර්ථනා මෛත්‍රී පහන් දැල්වීම
  • 18:00 පුණ්‍යානුමෝදනාව හා ප්‍රතිමාව මෙත්මුනි වෙහෙර දේවාලය තුළ තැන්පත් කිරීම

මුලසුන

මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති, සද්ධර්ම වාගීශ්චරාචායර්‍ය ශාසන ශෝභන සරණංකරෝපසේන, වංශාවතංස, අග්ගමහා සද්ධම්ම ජෝතිකාධජ සාහිත්‍යශූරී ධර්ම ශාස්ත්‍ර ශිරෝමණී අති පූජ්‍ය වේවැල්දෙනියේ මේධාලංකාරාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

අනුශාසනය

මොරටුව රාවතාවත්ත භාවනා මූලස්ථානාධිපති, සද්ධර්ම වාගීශ්වර, කම්මට්ඨානාචායර්‍ය පූජ්‍ය දොඩම්ගොඩ අස්සජී අමරපුර නිකායේ අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

විශේෂ දේශනය

සිංගප්පූරුව පාලි බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මැතිතුමා.

සැලකිය යුතුයි

  • ගිහි පින්වතුන් සියලුම දෙනා සුදුවතින් සැරසී පැමිණෙන්න
  • පෙරහරේ ගමන් ගන්නා පිරිස ආහාර ගැනීමට අවශ්‍ය පිඟානක්, කෝප්පයක් රැගෙන එන්න
  • මෙම කාල රාමුව ඇතැම් විට සුළු වෙනස්වීම් සිදුවීමට ඉඩ ඇත

සිතුම් පැතුම් සඵල වීමට මෙත් බෝසත් පිහිට ලැබුමට සැමට සමාරාධනය

මෙයට
මෙත්මුනි වෙහෙර ශ්‍රී නාථ දේවාල බස්නායක නිලමේ රංජිත් දියාලගොඩ ඇතුළු මෙත් බෝසත් ආසිරි පූජා කමිටුව.

මෙත්මුනි විහාරය, වරකාපොල
සියලු විමසීම්: 071-4400906/035-2268250

අභිෂේක මංගල උත්සවයට ඔබටද දායක විය හැකිය

  • පෙරහරට ඔබ ස්තු වාහනය යෙදවීමෙන්
  • බුදුවරුන් වැඩමවන රථ සඳහා
  • දැන්වීම්- බැනර් ප්‍රචාරක කටයුතු සඳහා
  • පෙරහරට සම්බන්ධ වන ගරුතර මහ සඟරුවනට පිරිකර පූජා කිරීම සඳහා
  • අටවිසි බුද්ධ රූප සැකසීම සඳහා
  • ජනවාරි 30 නාථ දේවාලයේ සිල් සමාදන් වීම
  • ජනවාරි 31 මෙත්මුනි විහාරයේදී අටසිල් සමාදන් වීම
  • ඉදිකරන තොරණ සඳහා
  • බෞද්ධ කොඩි එළවළු සහල් ධාන්‍ය වර්ග පූජාවන් සඳහා
  • හේවිසි නැටුම් කණ්ඩායම් සඳහා
  • යන මෙම අවස්ථාවන් සපුරා ගැනීමටද මූල්‍ය වියදම් පියවා ගැනීමටද ඔබට ද දායක විය හැකියි

මෙත්මුනි විහාරාධිපති නාහිමි

මෛත්‍රෙය බෝධිසත්ත්ව අභිෂේක මංගල පූජෝත්සවය January 31, 2009 1 අදහසක්

සම්බුද්ධ වන්දනා ආසිරි රිය පෙරහැර January 30, 2009 අදහස් නැත

කඨින පිංකම November 6, 2005 අදහස් නැත

Katina – 2005
 


කඨින පිංකම November 10, 2001 අදහස් නැත