සම්බුද්ධ වන්දනා ආසිරි රිය පෙරහැර හා මෛත්‍රෙය බෝධිසත්ත්ව අභිෂේක මංගල පූජෝත්සවය January 30, 2010


11 වැනි වරටත් ජනවාරි මස 30-31 දෙදින

අරමුණු

  • රටට සමෘද්ධිය – සමානාත්මතාව – සුවසෙත ශාන්තිය
  • ග්‍රහ අපල රෝ දුක් බිය දුරලීම
  • දායක වන – සහභාගී වන සැමගේ යහපත් පැතුම් ඉටු කර ගැනීම
  • ත්‍රෛකාලික බුද්ධ වන්දනාව හා මෙත් බෝසත් සුරිඳුට ගෞරව දැක්වීම

සංවිධානය හා මෙහෙයවීම

  • සමස්ත ලංකා මෙත්මුනි සමාජය
  • මෙත් බෝසත් ආසිරි පූජා කමිටුව

අනුශාසනය හා මඟ පෙන්වීම

වරකාපොල මෙත්මුනි විහාරාධිපති, ශ්‍රී චන්දමුනි වංශාවතංස, මෛත්‍රී ජින නන්දන දර්ශන ශාස්ත්‍රී, ශාස්ත්‍රපති, පූජ්‍ය නින්දානේ චන්ද විමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

කාල රාමුව හා පෙරහර පිළිගන්නා ස්ථාන

2010 ජනවාරි මස 30:

  • 06:00 ත්‍රෛකාලික බුද්ධ වන්දනාව, කිරි පිඬු පූජාව
  • 07:00 බෝසත් පිළිරුව විශේෂ රිය තුළ තැන්පත් කිරීම
  • 07:30 මෙත්මුනි විහාරයෙන් ගමන් ඇරඹීම
  • 08:00 තුල්හිරිය නිවාස සංකීරණය අසල හැපී කිඩ්ස් පෙර පාසල සිඟිති දරුවන්ගේ උපහාරය
  • 09:30 පොල්ගහවෙල විජයනන්ද පිරිවෙන
  • 10:00 පොල්ගහවෙල අල්ව්ව මංසන්ධිය අසල
  • 11:15 කුරුණෑගල ජයසුන්දර මාවතේ දහම් මැදුර
  • 13.00 දහම් මැදුරින් ගමන් ආරම්භ කිරීම
  • 13.30 කුරුණෑගල කච්චේරිය පාරේ භාවනා මධ්‍යස්ථානය
  • 14.15 මාවතගම සාමෝදය නිවාස අසලදී
  • 15.00 වෑ උඩ විද්‍යාතිලක පිරිවෙන
  • 15.30 කුඹුරේගම අරඹ කඩේ විශ්ව ටයර් හවුස් ආයතනය
  • 16.00 අලදෙනිය වැරැල්ලගම
  • 16.30 තිත්තපජ්ජල සුදර්ශනාරාමය අසල
  • 17.45 මහනුවර ශ්‍රී නාථ දේවාලයට පැමිණීම
  • 18.00 සිරි දළදා සමිඳු නැමදීම
  • 19.00 ප්‍රාර්ථනා මෛත්‍රී පහන් දැල්වීම, අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාව, භාවනාව මෙත් බෝසත් දහම් හමුව
  • 20.30 මහනුවර ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය වෙත පැමිණ නවාතැන් ගැනීම

2010 ජනවාරි මස 31

  • 05:30 සිරි දළදා සමිඳු නැමදීම
  • 06:00 කිරි පිඬු පූජා පැවැත්වීම
  • 06:30 මෙත් බෝසත් පිළිරුව රියතුළ තැන්පත් කිරීම
  • 06:45 නාථ දේවාලයේ සිට කොළඹ නුවර පාරේ ගමන් ආරම්භ කිරීම
  • 08:00 කිරිබත්කුඹුර ඵලදාව විහාරය
  • 09:00 ඵලදාව විහාරයෙන් ගමන් ආරම්භ කිරීම
  • 09:30 කඩුගන්නාව නගර සභා ක්‍රීඩාංගනයේදී
  • 10:15 මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙනේදී
  • 11:15 යට්ටෝගොඩ උපාලි සිල්වා මැතිතුමාගේ නිවසේදී
  • 13:00 උපාලි සිල්වා මැතිතුමාගේ නිවසින් ගමන් ආරම්භ කිරීම
  • 14:00 මාහේන ජිනදාස තලගුලි කර්මාන්තයතනය අසලදී
  • 14:30 වරකාපොල ප්‍රාදේශීය සභාව අසලදී, ගරු සභාපති කීර්තිසිරි විජේතුංග මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් විසින් උපහාර දැක්වීම
  • 14:45 වරකාපොල පිලාඬුව විද්‍යා ප්‍රකාශ පිරිවෙනේදී
  • 15:15 රිය පෙරහැර මෙත්මුනි විහාරයට පැමිණීම
  • 15:30 සභා ගර්භය තුළ මෙත් බෝසත් පිළිරුව තැන්පත් කිරීම හා සදහම් හමුව
  • 16:30 නානුමුර මංගල පූජෝත්සවය
  • 17:00 මෙත් බෝසත් ආසිරි පූජා හා ප්‍රාර්ථනා මෛත්‍රී පහන් දැල්වීම
  • 18:00 පුණ්‍යානුමෝදනාව හා ප්‍රතිමාව මෙත්මුනි වෙහෙර දේවාලය තුළ තැන්පත් කිරීම

මුලසුන

මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති, සද්ධර්ම වාගීශ්චරාචායර්‍ය ශාසන ශෝභන සරණංකරෝපසේන, වංශාවතංස, අග්ගමහා සද්ධම්ම ජෝතිකාධජ සාහිත්‍යශූරී ධර්ම ශාස්ත්‍ර ශිරෝමණී අති පූජ්‍ය වේවැල්දෙනියේ මේධාලංකාරාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

අනුශාසනය

මොරටුව රාවතාවත්ත භාවනා මූලස්ථානාධිපති, සද්ධර්ම වාගීශ්වර, කම්මට්ඨානාචායර්‍ය පූජ්‍ය දොඩම්ගොඩ අස්සජී අමරපුර නිකායේ අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

විශේෂ දේශනය

සිංගප්පූරුව පාලි බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මැතිතුමා.

සැලකිය යුතුයි

  • ගිහි පින්වතුන් සියලුම දෙනා සුදුවතින් සැරසී පැමිණෙන්න
  • පෙරහරේ ගමන් ගන්නා පිරිස ආහාර ගැනීමට අවශ්‍ය පිඟානක්, කෝප්පයක් රැගෙන එන්න
  • මෙම කාල රාමුව ඇතැම් විට සුළු වෙනස්වීම් සිදුවීමට ඉඩ ඇත

සිතුම් පැතුම් සඵල වීමට මෙත් බෝසත් පිහිට ලැබුමට සැමට සමාරාධනය

මෙයට
මෙත්මුනි වෙහෙර ශ්‍රී නාථ දේවාල බස්නායක නිලමේ රංජිත් දියාලගොඩ ඇතුළු මෙත් බෝසත් ආසිරි පූජා කමිටුව.

මෙත්මුනි විහාරය, වරකාපොල
සියලු විමසීම්: 071-4400906/035-2268250

අභිෂේක මංගල උත්සවයට ඔබටද දායක විය හැකිය

  • පෙරහරට ඔබ ස්තු වාහනය යෙදවීමෙන්
  • බුදුවරුන් වැඩමවන රථ සඳහා
  • දැන්වීම්- බැනර් ප්‍රචාරක කටයුතු සඳහා
  • පෙරහරට සම්බන්ධ වන ගරුතර මහ සඟරුවනට පිරිකර පූජා කිරීම සඳහා
  • අටවිසි බුද්ධ රූප සැකසීම සඳහා
  • ජනවාරි 30 නාථ දේවාලයේ සිල් සමාදන් වීම
  • ජනවාරි 31 මෙත්මුනි විහාරයේදී අටසිල් සමාදන් වීම
  • ඉදිකරන තොරණ සඳහා
  • බෞද්ධ කොඩි එළවළු සහල් ධාන්‍ය වර්ග පූජාවන් සඳහා
  • හේවිසි නැටුම් කණ්ඩායම් සඳහා
  • යන මෙම අවස්ථාවන් සපුරා ගැනීමටද මූල්‍ය වියදම් පියවා ගැනීමටද ඔබට ද දායක විය හැකියි

මෙත්මුනි විහාරාධිපති නාහිමි

ඔබේ අදහස්