වස් පින්කම July 1, 2010
Tweetවරකාපොල මෙත්මුනි වෙහර පුද බිමේදී සැමට සිරි සෙත සදන
සිව් මසක අසිරිමත් පුණ්‍ය සමය
2010 ජූලි මස 25 වැනිදා පස්වරු 4.00 ට ආරම්භ කෙරේ.
විහාරාධිපති ශාස්ත්‍රපති
නින්දානේ චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ
ප්‍රධාන මහා සංඝයා වහන්සේ මෙදින වස් එළඹෙති.
මෙවර වස් පින්කම් සමයේ මුල් දායකත්වය
පානදුර ගාළු පාරේ අංක 316A, නිවසේ පදිංචි
සුජාතා ද මැල් මහත්මිය සරෝජා ද මැල් මහත්මිය, තිසුම් ද මැල් මහත්මිය, ජනත් දීරසූරිය මහතා, සජීව පීරිස් මහතා ප්‍රධාන මෙත්මුනි විහාරස්ථ සතර පේරුවේ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් වස් ආරාධනය හා පින්කම් සිදු කෙරේ.
පින්කම් සමය වර්ණවත් වන අයුරු
දිනපතා බුද්ධ උපස්ථානය හා වතාවත් කිරීම.
සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 6.30 ට ත්‍රෛකාලීන බුද්ධ වන්දනා ආර්‍ය මෛත්‍රය බෝධිසත්ව පූජා.
සෑම බුද දිනකම පෙ.ව. 7.00 ට විශේෂ මෙත් බෝසත් පූජා.
සෑම පුර පසලොස්වක පෝ දිනකම සීල භාවනා පිළිවෙත් පූජා.
විශේෂ ධර්ම දේශනා – ධර්ම සාකච්ඡා – අටවිසි බුද්ධ පූජා
විශේෂ දාන – සීල – භාවනා වැඩ සටහන්
ගුණ සමරු පින්කම්
නවගුණ පාඨය හා සබ්බ පාපස්ස අකරණං ගාථාව ලක්ෂ වාරයක් සජ්ක්ධායනා කිරීම.
සසර දිනුමට කරන මහා පින්කම
2010 නොවැම්බර් මස 13 – 14 වැනිදා සිදු කෙරුමට නියමිතය.
-ආරධනා -
දුක දුරු කොට – නිතිසැප ලැබුමට
අප හා එක් වන්න සසර දිනුමට
පින්කම් සමයේ ඇරඹෙන පින් පෙරහැරට එක්වීමට ඔබ සැමට සෙනෙහසින් කෙරෙන ආරාධනා.
සුජාතා ද මැල්
විහාරස්ථ දායක මණ්ඩලය සහ ධර්ම ශක්තිකුලඟන සමිතිය
මෙත්මුනි විහාරය, වරකාපොළ.
ටෙලි;- 035-2268250, 071-4400906.
ඔබේ අදහස්