ඉතිහාසය

මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතාගේ හා මල්ලිකා විජේබණ්ඩාර මැතිණියගේ මැදිහත් වීමෙන් වරකාපොල අඹේපුස්ස කැකිරිදෙනි කන්දේ විසූ පොඩිමහත්තයා අදිකාරී මහතා විසින් 1994-07-22 දින මෙත්මුනි විහාරය ඉදිකිරීම සඳහා තුන් නිකායේම මහා සංඝයා වෙත සඟ සතුකොට පූජා කරන ලදී. එහි දී නින්දානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විහාරාධිපති පදවියට පත්විය.

අනතුරුව මෙත් බෝසත් ළමා සමාජය පිහිටුවීම. ළමා සමාජයේ ළමුන් විසින් පොල් අතු වලින් මඩුවක් ඉදි කොට, ළමා සමාජයේ රැස්වීම පැවත්වීම. බුදු පිළිමයක් සොයා ගෙන මඩුවේ තැන්පත් කොට පොහොය දිනයේ දී බුද්ධ පුජා පැවැත්වීම.

1995

  • මාර්තු 13වන දින සංඝාවාසයක් සඳහා මුල් ගල තැබීම.

1998

  • සැප්තැම්බර් 13 ජයසිරි මහා බෝ අංකුරය අනුරාධපුර සිට වඩමවා 1998 ඔක්තොබර් 5 වන දා මෙත්මුනි විහාරයේ රෝපණය කිරීම, එදිනට දේවාලයකින් ලැබුන බෝධිය, මේත් බුදුන්ගේ නා බෝධිය විහාර භූමිය තුල රෝපණය කිරීම.
  • නොවැම්බර් 06 දින මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මැතිතුමා විසින් ගණ්ඨාරයක් පූජා කිරීම.

1999

  • ජනවාරි 31 අඟල් 21ක් උසැති රන් ආලේපිත, මෙත් බෝසත් ප්‍රතිමාවක් මෙත්මුනි විහාරයේ තැන්පත් කිරීම.
  • මාර්තු 25 දින මල්ලිකා විජේබණ්ඩාර මැතිනියගේ මැදිහත් වීමෙන් මෙත්මුනි විහාරයට විදුලි ආලෝකය ලබා දී, විවෘතකිරීම.
  • මැයි 24 මෙත්මුනි විහාරය සඟ පරිභෝජනයට කැප කිරීම.

2000

  • ජනවාරි 30 සහ 31 මෙත් බෝසත් දිනය නිමිති කරගෙන මෙත් බෝසත් ආසිරි රිය පෙරහර අලව්ව, නෙලුම්දෙනිය, තෝලංගමුව, වරකාපොල සැරිසරා නානු මුර මංගල්‍යය සිදු කොට ආසිරි පැතීම.

2001

  • ජනවාරි 30 සහ 31 මෙත් බෝසත් ආසිරි රිය පෙරහර මහ නුවර නාථ දේවාලය කරා යාම. මෙත් බෝසත් නානු මුර මංගල්‍යය පැවැත්වීම.
  • මාර්තු මස අගදී, අළුත් සහල් පූජා මංගලෝත්සවය පැවැත්වීම හා එය අඛණ්ඩව සෑම වසරකම පවත්වාගෙන යාම.

2003

  • ජනවාරි 30 සහ 31 මෙත් බෝසත් ආසිරි රිය පෙරහර මහ නුවර නාථ දේවාලය කරා යාම. මෙත් බෝසත් නානු මුර මංගල්‍යය පැවැත්වීම.
  • මාර්තු 15 මුනිසිරිපා මණ්ඩපය විවෘත කිරීම. මෙත්මුනි විහාරයට පර්චස් 61ක භූමි භාගයක් පරිත්‍යාග කිරීම.
  • ජූලි 25 සදහම් මැදුරට හා චෛත්‍ය සඳහා මුල්ගල් තැබීම.
  • අගෝස්තු 30 මෙත්මුනි විහාරය පිහිටි කැකිරිදෙනි කන්ද ගම මෙත්මුනිගම නමින් විවෘත වීම.
  • නොවැම්බර් 2 බුදු මැදුර හා අඩි 12ක් උස මෙත් බෝසත් ප්‍රතිමාව විවෘත කිරීම.

2004

  • ජනවාරි 30 සහ 31 මෙත් බෝසත් ආසිරි රිය පෙරහර මහ නුවර නාථ දේවාලය කරා යාම. මෙත් බෝසත් නානු මුර මංගල්‍යය පැවැත්වීම.
  • නොවැම්බර් 10 සදහම් මැදුර සඳහා පානදුර තුඩුවේ පදිංචි රත්නසිරි ප්‍රනාන්දු මහතා විසින් රුපියල් දෙලක්ෂයක පමණ මුදලක් වැය කිරීමෙන් අනුග්‍රහ දැක්වීම.
  • දෙසැම්බර් 26 පද්මාමලක චෛත්‍යය ඉදිකිරීමට රුපියල් දෙලක්ෂ හැත්ත පන්දහසක මුදලක් පරලොව සැපැත් චමත් දිනූෂ ඒකනායක කුමරුට පින් පිනිස හෝමාගම පදිංචි ඔහුගේ දෙමාපියන් විසින් පරිත්‍යාග කිරීම.

2005

  • ජනවාරි 30 සහ 31 මෙත් බෝසත් ආසිරි රිය පෙරහර මහ නුවර නාථ දේවාලය කරා යාම. මෙත් බෝසත් නානු මුර මංගල්‍යය පැවැත්වීම.
  • ජනවාරි 21 පද්මාමලක චෛත්‍යය ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීම.
  • ජූලි 22 පද්මාමලක චෛත්‍යයයේ සර්වඥ ධාතූන් වහන්සේලා නිදන් කිරීම.

2006

  • ජනවාරි 30 සහ 31 මෙත් බෝසත් ආසිරි රිය පෙරහර මහ නුවර නාථ දේවාලය කරා යාම. මෙත් බෝසත් නානු මුර මංගල්‍යය පැවැත්වීම.
  • ජූනි 8 පද්මාමලක චෛත්‍යය වටා ඇති පුවරුවේ බිතුසිතුවම් විවෘත කිරීම.
  • අගෝස්තු 25 පද්මාමලක චෛත්‍යය විවෘත කිරීම.